දේශීය වෙදකම යනු ප්රාචීන යුග ඉතිහාසයේ ආසියාවේ බිහි වූ පැරැණි ම චිකිත්සා ක්රමයකි. ශ්රී ලංකාවේ දේශීය වෛද්ය ක්රමය සිංහල වෙදකම හෙවත් හෙළ වෙදකම නම්වේ. මෙය අපට වෙනත් කිසිඳු රටකින් හඳුන්වාදෙන ලද්දක් නොව අප රටෙහි සිටි ඉපැරණි යක්ෂ ගෝත්රිකයින් විසින් නිපදවූ එකකි. වර්තමානයේ බොහෝ සමානකම් සහිතව පැවතුනද අයුර්වේද වෙදකම හා සිංහල දේශීය වෙදකම යනු එකිනෙකට වෙනස් දෙකකි.
ක්රි. පූ. 1000-8000 අතර කාලයේ සිංහල දේශීය වෙදකම ඇති වූ බව විශ්වාස කෙරේ. ආයුර්වේදයට අංග 08ක් එක් වී තිබුණාක් මෙන් දේශීය චිකිත්සාව ද විවිධ අංගයන් ගෙන් යුක්ත වේ. මෙය එදා ජීවත් වූ ජනතාව ගේ අවශ්යතා උදෙසා බිහි විය. සිංහල වෙදකමේ අංග සර්වාග වෙදකම සර්ප වෙදකම කැඩුම් බිඳුම් වෙදකම (ගස් වෙදකම) ඔඩුවන් පිළිකා වෙදකම දැවුම් පිලළිස්සුම් වෙදකම ව්ඳුම් පිළිස්සුම් වෙදකම කැපුම් තුවාල වෙදකම ඇස් වෙදකම උමතු රෝග වෙදකම චර්ම රෝග වෙදකම නිල වෙදකම ගහෙන් වැටුණු මිනිසාට ප්රතිකාර උදෙසා එකල ගස් වෙදකම හෙවත් කැඩුම් බිඳුම් චිකිත්සාව බිහි විය. ඇස්වල කටු, උල් ඇනුණු විට ඇස් වෙදකම බිහි විය.
ඇවිදින අතර සර්පයන් දෂ්ට කළ විට සර්ප වෙදකම බිහි විය. යක්ෂ පෙරේත භූත දෝෂවල දී මානසික සුවය උදෙසා උන්මාද වෙදකම බිහි විය. ඓතිහාසික සිංහල වෙදවරු: පුලස්ති ඉසිවරයා රාවණා රජ බුද්ධදාස රජු මහා පරාක්රමබාහු රජු දෙවැනි පරාක්රමබාහු රජු මෙයින් පෙනී යන්නේ එදිනෙදා මිනිසා ගේ දෛනික අවශ්යතා සමග දේශීය චිකිත්සාව බද්ධ වී ඇති බවයි. මේ විශේෂ වෙදකම යම් යම් ප්රදේශවලට සීමා වී පැවතුණු අතර ගම්වල සිටි යම් දැනුමක් සහිත කොටසක් තුළ පමණක් මේවා ඉතිරි වන්නට විය. ඉන්පසු පරපුරෙන් පරපුරට පැවත එමින් වෙද පරපුරක් බිහි විය.
ශ්රී ලංකාවේ දැනට පවත්නා වෙද පරපුරු මෙතෙකැයි ගණනය කර නාමාවලියක් සකස් කර නොමැති වුවත්, පොතුවිල, නැඳුන්ගමුව, බලල්ල. වෙලලපිටිය, හිඟුල, මාවැල්ල, ඇවරිවත්ත, ලගමුව, මාපිටිගම. කැකිරිදෙනිය, මාරපන, නීලම්මහර, උණවටුන, කිරිනැලිය, මල්මොරුව, හපුවලාන, තල්ගමුව, හපුගස්කන්ද, සපුවිද, සියඹලාගොඩ, අත්තිඩිය, හීන්කෙන්ද. කහතුඩුව, වාද්දුව, මඩිහ, අත්තරගම, ඉබ්බාගල, ඉබ්බාගමුව. ලෙනවර, පස්යාල, වල්ලුව. තලගල, පාමංකඩ, බානගල, වල්ගම හා පට්ටිවිල ආදී වෙද පරපුරු රැසකි.
එකල දේශීය වෙදකම තුළ වාත, පිත්ත, කඵ පිළිබඳ සංකල්පය අඩංගු නො වී ය. එහෙත් ඔවුහු උෂ්ණ ශීත සංකල්පය දැන සිටිය හ. ඉරරාජ, සඳරාජ, චන්ද්ර ඝනය, සූර්ය ඝනය ගැන අවබෝධය ඔවුන් තුළ විය. විශේෂයෙන් ඉන්දියාවේ දක්නට නොලැබෙන දේශීය ඖෂධ වර්ග රාශියක් මෙරටෙහි නිෂ්පාදනය වී ඇත. ඒවා අතර මහා සිද්ධාර්ථ තෛලය, සර්ව විශාද තෛලය, නීල්යාධී තෛලය, බුද්ධරාජ තෛලය හා රත කල්කය වැනි ඖෂධ වර්ග ලක්දිවට පමණක් ආවේණික වේ. දේශීය වෙදකම තුළ විශේෂ ස්ථානයක් හිමි චිකිත්සා ක්රමයක් ලෙස කැඩුම් බිඳුම් චිකිත්සාව හැඳින්විය හැකි ය. යුගල පදයක් ලෙස දැනුණත් මේ පද දෙක ම එක ම අර්ථයක් ගෙන දෙයි.
සම්පූර්ණ වෙන් වීමක්, ඡේදනයක්, විනාශ වීමක් මෙයින් අර්ථවත් වේ. අස්ථි, සන්ධි, පේශි හා එම ස්ථානවල පවතින ස්නායු රුධිර වාහිනි යන මේවාට හානි පමුණුවමින් ඇති වන විරූපී බව හෙවත් විකල බවට ප්රතිකාර කිරීම කැඩුම් බිඳුම් චිකිත්සාව යටතේ සිදු වේ. මේ වෙදකමේ තවත් විශේෂත්වයක් නම් ගුප්ත විද්යාත්මක තොරතුරු ඇතුළත් වීමයි. එනම් ඖෂධ සාදන විට, මැල්ලුම්, පත්තු බඳින විට තිථිය, නැකත, කාලය ලෙස සුබ හෝරා බලා කටයුතු කිරීම මෙහි විශේෂත්වයකි.
මේ ලෙසින් දේශීය චිකිත්සාව හරහා ආයුර්වේදය ද පෝෂණය වූ අතර දේශීය චිකිත්සාව ආයුර්වේදයටත්, අයුර්වේදය දේශීය චිකිත්සාවටත් සම්බන්ධ වෙමින් නවීන චිකිත්සා ක්රමය බිහි වී ඇත. කැඩුම් බිඳුම් චිකිත්සාවේ දී රෝගියා නිසොල්මන්ව තබා අස්වැසිය යුතු ය. රෝගියා ගේ මානසික තත්ත්වය රෝගයක් සුව වීමට ඉතා ම වැදගත් බව එදා කැඩුම් බිඳුම් චිකිත්සාවේ දී ඉහළින් පිළිගැනිණි. රෝගියා වෛද්යවරයා කෙරෙහි විශ්වාසය ඇති කර ගැනීමට ද මෙය හේතු වේ. පළමුව මඳක් රත් කර කැඩුම් බිඳුම් සඳහා භාවිත වන තෛල වර්ගයක් ආලේප කර එම ස්ථානය පිරිමැදිය යුතු ය. කැඩුම් බිඳුම් තෙල් සඳහා යොදා ගත් බොහෝ තෙල් වර්ගවල ඇති ඖෂධවල විශේෂ ගුණයන් ඇතුළත් ය. එම ඖෂධ සැම විට ම විෂබීජ නසන, ආසාදන වළක්වන, උෂ්ණ බව රඳා පවතින, අස්ථි සෛල වර්ධනය උත්තේජනය කර වර්ධනය වැඩි කරන ඖෂධයන් ය.
තෛල ආලේපනය මගින් උලුක්කු වූ ස්ථානයේ බාහිර විෂබීජ ඉවත් වන අතර එහි ඉදිමුම් ගතිය අඩු කරයි. එමෙන් ම ඉරී ගිය පටක වර්ධනයට මේ තෛල හේතු වේ. තෙල් ආලේප කර පිරිමැදීම මගින් එම ස්ථානයේ උෂ්ණත්වය ඉහළ යැම ද සිදු වේ. උෂ්ණත්වය ඉහළ යැම නිසා එම ස්ථානයේ රුධිර වාහිනී ප්රසාරණය වීමත් එමගින් ඉරී ගිය පටක වෙතට හොඳ රුධිර සැපයුමක් ඇති වීමත් සිදු වේ. මේ නිසා මේ ස්ථානයට පැමිණෙන ප්රතිශක්තිකරණ සෛල ප්රමාණය අධික වී යළි පටකය යථා තත්ත්වයට පත් වීම ඉක්මන් වේ.
එසේම මෙලෙස පැමිණෙන මහා භක්ෂක සෛල මගින් විනාශ වූ පටක කොටස් ඉවත් කිරීම ද ඉක්මන් කරයි. මේ ආකාරයට දේශීය කැඩුම් බිඳුම් චිකිත්සාව අදටත් වලංගු සදාතනික විෂයයක් බව පෙන්වා දිය හැකි ය. තෛල ආලේපනයෙන් පසු අදාළ ස්ථානය ඖෂධීය පොට්ටනිවලින් තැවීම සිදු කරයි. මේ සඳහා ඉහත කී තෙල්වලට ඖෂධ වර්ග අමු සේ ම වියළි අවස්ථාවලින් ද යොදාගනී. මේවා බොහෝ විට වාත ගාමක ඖෂධ වෙයි. වාත කෝප කරන අවස්ථා බැවින් මේ සඳහා වාත ගාමක ඖෂධ යොදා ගැනීම යුක්ති යුක්ත ය. ඖෂධීය පොට්ටනි මගින් තැවීමෙන් ද පෘෂ්ඨයේ උෂ්ණත්වය වැඩි වන අතර ඖෂධවල ගුණයන් ද එම පෘෂ්ඨය තුළට ගමන් කරයි. ආලේපිත ඖෂධ රෝම කූපවලින් හා ස්වේද ග්රන්ථි ආදිය මගින් රුධිර වාහිනිවලට ගමන් කරයි. උෂ්ණත්වය මෙහි දී වැදගත් අංගයක් වන්නේ ඉතා ශීඝව ආඝාත වූ පටක වෙත ඖෂධ යවා ගැනීමට රුධිර වාහිනි උත්තේජනය කිරීම සඳහා ය. පසුව අදාළ රෝගී ස්ථානයට මැල්ලුමක් බැඳීම සිදු කෙරෙයි. මේ මගින් ඉහත ඖෂධීය ගුණවලට අමතරව එම ස්ථානයේ උෂ්ණත්වය වැඩි වීම වැඩි වේලාවක් රඳවා තැබීම අපේක්ෂා කරයි.
එසේම එම මැල්ලුම්වල පවතින ඖෂධීය ගුණ හේතුවෙන් එම පටකවල සෛල වර්ධනය උත්තේජනය වේ. මේ ආකාරයට මැල්ලුමෙන් පසුව පත්තු බැඳීම සිදු වේ. මේවා ක්රමානුකූල පියවර රැසක් ඔස්සේ සිදු වන්නේ විද්යාත්මකව වුව ගලපා ගත හැකි ආකාරයට ය. මෙහි දී මැල්ලුම් පත්තු තබා පතුරු තබා වෙලුම් පටි බැඳීම මගින් සන්ධියට අවශ්ය විවේකය ද ලබා දෙයි. වේදනාව නැති කිරීමට වාත ගාමක වේදනා නාශක ආයුර්වේද ඖෂධ ලබා දීම සිදු කර අභ්යන්තරයෙන් ද පටකය සුව වීමට රුකුලක් දෙනු ලැබේ. මෙහි දී ප්රතිශක්තිය ඇති කරන ඖෂධ ලබා දීම ද සිදු වේ.

ඔබේ අදහස මෙතන ලියන්න..