ලංකාවේ පැරණි අධ්යාපන ව්යුහය ප්රධාන කොටස් තුනකින් සමන්විතය.
1. ප්රාථමික අධ්යාපනය
2. ද්වීතියික අධ්යාපනය
3. තෘතියික අධ්යාපනය

ප්රාථමික අධ්යාපනය

ළමයකුට මුලින්ම ලැබෙන විධිමත් අධ්යාපනය ප්රාථමික අධ්යාපනයයි. ප්රාථමික අධ්යාපනයේදී භක්ෂුන් මැදිහත් නොවීය. ගිහියන් ඊට මුල් විය.
පැරණි ලංකාවේ ප්රාථමික අධ්යාපනය ලබා දුන් මධ්යස්ථානය වුයේ ගුරු ගෙදරයි. ගුරු ගෙදර පිහිටියේ ගුරුවරයාගේ නිවසෙහිය.

නුවර යුගයේ ප්රාථමික අධ්යාපනයට භාවිතා කළ පොත් පත්:
වදන් කවි පොත
සකස්කඩ
බුද්ධ ගජ්ජය
පත්තිනි හෑල්ල
ගණදෙවි හෑල්ල
මඟුල් ලකුණ
හෝඩිය
නම්පොත

ද්වීතියික අධ්යාපනය

ද්වීතියික අධ්යාපනය පිළිබඳව විමසා බලන කළ එය දෙආකාරයකට ලැබිණි. එනම්
1. පන්සල
2. පවුල

ප්රාථමික අධ්යාපනයන් පසු අධ්යාපනය සදහා පන්සලට යොමු විය.එසේ යොමුවීමේ ප්රවනතාවය වැඩි වුයේ

1. මහණ වීමට අපේක්ෂා කළ අය
2. රජවරු හා රජ පෙළපත් වල අය
3. ප්රාදේශීය පාලකයන් , යුව රජවරුන්
4. ප්රධානීන් සහ ප්රභූවරුන්
5. වෛද්යවරුන් වීමට අපේක්ෂා කළ අය
6. නක්ෂත්රය ඉගෙනීමට පෙළඹුනු අය
7. උගතුන් වීමට කැමති අය

තෘතියික අධ්යාපනය

ශාස්ත්රීය හා වෘත්තිය අධ්යාපනය හැදෑරූ අය තව දුරටත් ඉහලට ඉගෙනීමට යොමු වූයේ තෘතියික අධ්යාපනය ඔස්සේය. ලංකාවේ පන්සල් ආශ්රිතව පැවති පිරිවෙන් මෙරට අධ්යාපනයයේ විශ්ව විද්යාල ලෙස ක්රියාත්මක විය. ලංකාවේ පෙර පැවති විශ්ව විද්යාල පිළිබඳ විවිධ දේශාටන වාර්තා මඟින් තොරතුරු ලැබේ. හියුංසාන් සහ ෆාහියන් දෙනමගේ වාර්තා මෙහිලා ප්රබල සාක්ෂි සපයයි.

පිරිවෙන් අධ්යාපනය

අතීත ලංකාවේ උසස් අධ්යාපනයේ මූලාකෘතිය වූයේ පිරිවෙන් අධ්යාපනයයි. අභයරත්න අධිකාරි මහතා පෙන්වා දෙන පරිදි “මෙම පිරිවෙන් ආයතන ඇසුරේ පැවිදි පක්ෂය පමණක් නොව රජ, මහ ඇමතියන් හා ගිහි ප්රභූන් අධ්යාපන කටයුතුවල මෙන්ම ශාස්ත්රීය කාර්යයන්හී නිරත වු බව තහවුරු වන්නේ ධර්ම ශාස්ත්රීය කටයුතුවල නිරත යතිවරයන්ගේ නම් අතර දොළොස් මහ කවීන්, සාරාර්ථ සංග්රහය නම් වෛද්ය කෘතිය ලියූ බුද්ධදාස රජ මෙන්ම කැටපත් පවුරේ නිර්මාණ කළ ජනයාද අපට හමුවන හෙයිනි.

එමෙන්ම “ශූර පාදය, ධර්ම කීර්ති පාදය, දීරනාගපාලය, රාජමුරාරිය, කවිරාජශේකරය, ගුරුළුගෝමිය, ආර්ය චක්රවර්තීය, පරාක්රම පණ්ඩිතය, අග්රපණ්ඩිතය යනාදීව ගෘහස්ථ පණ්ඩිත ජනයෝ ධර්මානුගත, ලෝක ප්රබන්ධ හා විචිත්රාර්ථ ප්රකාශ වූ සන්න, ගැටපද හා නොයෙක් ධර්ම ව්යාඛ්යාන ඉපදවූහ”යි නිකාය සංග්රහයද සඳහන් කරයි.

පිරිවෙන් අධ්යාපනයේ ආරම්භය සිදු වන්නේ මහා විහාරයෙනි. මෙකල පාළි භාෂාව හා ථෙරවාදි ධර්ම විනය පිරිවෙන් අධ්යාපනයේ ප්රධාන විෂයන් විය. වලගම්බා රජු අභයගිරි විහාරය කරවීම සමග වෛතුල්යවාදයේ බලපෑම සහිතව සමකාලීන දාර්ශනිකමතවාද හා ශිල්ප ශාස්ත්රය ඉගැන්වීම සිදු විය. පාළි භාෂාවට අමතරව අධ්යයන මාධ්ය ලෙස යොදාගැනුණ සංස්කෘත භාෂාව යොදා ගැනිම ප්රචලිත විය. වෛතුල්යවාදය යටතේ අතීත ලංකාවේ පැවති අධ්යාපන ක්රමය ගුණාත්මකව වැඩි දියුණු වු අතර පස්වන සියවසේදී 3000 ක්වූ මහා විහාරවාසී භික්ෂු සංඛ්යාව ද ඉක්මවා යමින් අභයගිරි විහාරවාසී භික්ෂු සංඛ්යාව ද 5000ක් වූ බව ද සඳහන් වේ.

මහාවිහාරය යටතේ වු පිරිවෙන්:
කලාපසාද පිරිවෙන
සුනභත පිරිවෙන
දීඝවංකමන පිරිවෙන
දීඝ සන්ධ සේනාපති පිරිවෙන
පියංගු පිරිවෙන
ගුප්ත වංක පිරිවෙන
මයිල පිරිවෙන

අභයගිරි විහාරය යටතේ වු පිරිවෙන්:
ඡේතවන පිරිවෙන
උතුරුමූල පිරිවෙන
මහ කහරමුල පිරිවෙන
මහ දුළුමුල පිරිවෙන
මහනෙත් පාමුළ පිරිවෙන

ඡේතවන විහාරය යටතේ වු පිරිවෙන්:
දක්ණමූල පිරිවෙන
සේනාපතිමූල පිරිවෙන

පොළොන්නරු පිරිවෙන්:
පුෂ්පාරාමය
දක්ෂිණාරාමය
පශ්චිමාරාමය
උත්තරාරාමය
කපිලවස්තු
ඉසිපතන
තුසිතාරාමය
වේළුවනාරාමය
ඡේතවනාරාමය
තිවංකය
ඇතුබදලෙන

යනාදිය දැකිය හැක. දඹදෙනිය හා කෝට්ටේ යුගයන්හී ප්රකටව පැවති පිරිවෙන් අතර පතිරාජ පිරිවෙන, මයුරපාද පිරිවෙන, නන්දි පිරිවෙන, මහනන්දසේන පිරිවෙන, පරාක්රමබාහු පිරිවෙන, බෙලිගල බුවනකබා පිරිවෙන, කුරුණෑගල බුවනකබා පිරිවෙන, දෙවුන්දර නන්ද පිරිවෙන, සේනානාථ පිරිවෙන, අසද්දන පිරිවෙන, පස්මුල පිරිවෙන, කැළණි ගථාර පිරිවෙන, නියංගම්පහ ජයමහල් සිටු පිරිවෙන, තොටගමුවේ විජයබා පිරිවෙන, විදාගම ගණානන්ද පිරිවෙන, කෑරගල පද්මාවති පිරිවෙන, සුනේත්රාදේවි පිරිවෙන යනාදිය කැපීපෙනෙන පිරිවෙන්ය. ඊට අමතරව සීගිරි කාව්යයන්හී සඳහන් අතුලවැටිය, සලගල, කෙබල්නාපානා, වෙහෙල්නරු, වනගලු, මනාපවු, කලපා, වැනි පිරිවෙන් නාමයන්ද හඳුනාගත හැකිය.

ඔබේ අදහස මෙතන ලියන්න..