ලෝකය පුරා ඈත පිහිටි ස්ථානවලට වඩා ගමන් කිරීම දැන් වෙන කවරදාකටත් වඩා පහසු ය. කෙසේ වෙතත්, ලෝකයේ ඇතැම් ස්ථාන වල ඉතා අනතුරුදායක පරිසරය  නිසා ඒවා කර ගමන් නොකිරීම වඩාත් ඇඟට ගුණය. ඔබ එවැනි ස්ථාන නැරඹීමට තීරණය කරන්නේ නම්, අවදානම් සහ සැලකිලිමත් පූර්වාරක්ෂාවන් පිළිබඳව ඔබ අවම වශයෙන් දැනුවත් විය යුතුය. මෙන්න, ලෝකයේ ඇති  භයානකම නගර 10 පහළ පිළිවෙළේ දැක්වේ.

 

  1. කැරකස්, වෙනිසියුලාව

මෙය වෙනිසියුලාව අගනුවර වන අතර එය වර්තමානයේ නිතර මත්ද්රව්ය කල්ලි අතර ගැටුම් වලින් ගහනය. බොහෝ විට සංචාරකයන්ට නුසුදුසු ගමනාන්තයක් බවට පත් විමට් වංචා සහ හොරකම් වැනි වීදි අපරාධ හේතු වී ඇත. වෙනිසියුලාවේ තවත් බොහෝ නගරවල මීටත්  සාපේක්ෂව ඉහළ අපරාධ සංඛ්යාවක් වාර්තා වෙයි.

Caracas, Venezuela

  1. මෙක්සිකෝවේ සුදාඩ් හුවර්ස්

මත්ද්රව්ය ජාවාරම්කරුවන්ගේ  තිප්පොළක් ලෙස ප්‍රසිද්ද මෙක්සිකෝවේ සිවුද්රා ජුවාරස් එහි වර්තමානයේ වඩාත්ම ප්රචණ්ඩ නගර වලින් එකකි. මෙම මත්ද්‍රව්‍ය කල්ලි සහ පිලිසිය අතර නිතර ගැටුම් වාර්තා වෙයි.

Ciudad Juarez, Mexico

  1. දකුණු අප්රිකාවේ කේප් ටවුන්

මෙම නගරය තුළ දරිද්රතාවය සහ සමාජ නොසන්සුන්කම පැතිරවීම හේතුවෙන් එහි ජනතාව අතිශයින්ම ඉහල අපරාධ අනුපාතයකින් පීඩා විඳිති. දකුණු අප්රිකාවට බොහෝ සංචාරකයින් ස්වභාව සෞන්දර්යයෙන් සහ ස්වභාවික සංරක්ෂණයට සහ වෙනත් ආකර්ෂණීය ස්ථාන නිසා සංචාරයට ගියත්, ඔවුන්ට කේප් ටවුන් භයානක තැනක් විය හැකිය. ඔබ වඩාත් භයානක අංශවලින් වැළකී සිටීමෙන් සහ රාත්රියේ නිදහසේ ගමන් නොකරනතාක්  ගැටළුවක් නැතිව මෙම නගරය වෙත සංචාරය කිරීමට හැකි වේ.

Cape Town, South Africa

  1. බ්රසීලයේ රියෝ ඩි ජැනීරෝ

බ්රසීලයේ බොහෝ නගර ඉතා ඉහළ අපරාධ අනුපාතයක් ඇති අතර සමහර නගර රියෝ ඩි ජැනීරෝට වඩා භයානක ය. බ්රසීලයේ රියෝ යනු වඩාත් ජනප්රිය සංචාරක ගමනාන්තයක් වන බැවින් එය මෙහි අවධානය යොමු කිරීම වටී. රියෝ සැබැවින්ම එය දශකයකට පෙර සිට වඩා ආරක්ෂිත තත්වයකට පත් කිරීමට එහි බලදාරින් උත්සහ ගත්තත් විශේෂයෙන්ම රෑට බොහෝ ප්රදේශ වල වීදි අපරාධ තවමත් දක්නට ඇත.

Rio de Janeiro, Brazil

  1. ග්වාටමාලාවල ග්වාටමාලා සිටි

කැරීබියන්හි මධ්යම ඇමෙරිකානු රටක් වන ග්වාටමාලාට බොහෝ සංචාරක ආකර්ෂණීය ස්ථාන ඇතත් එය මත්ද්රව්ය ප්රචණ්ඩත්වයෙන් පිරි රටකි. එය ඉහළ මිනීමැරුම් අනුපාතයක් සහ අනෙකුත් පොදු අපරාධ වීදි කොල්ලකෑම්, බස්රථ රඳවා ගැනීම් සහ කප්පම් ගැනීම් වලින් පිරී ඇති ප්‍රදේශයකි. ග්වාටමාලා සංචාරය කිරීමේදී  වඩාත් ආරක්ෂිත කලාපවල රැඳී සිටීම යෝග්ය වේ.

Guatemala City, Guatemala

  1. ඇකපුල්කෝ, මෙක්සිකෝව

බොහෝ කලකට පෙර මෙම නගරය ආරක්ෂිත සහ සුඛෝපභෝගී නිවාඩු නිකේතනයක් ලෙස සලකනු ලැබීය. ඇකපුල්කෝ හි සංචාරය තවමත් ජනප්රිය වුවත් මත්ද්රව්ය ප්රචණ්ඩත්වය දැන් එය භයානක ප්රදේශයක් බවට පත් කර තිබේ. මෑත සංඛ්යාලේඛනවලින් හෙළි වී ඇත්තේ ලෝකයේ වැඩිම මිනීමැරුම් අනුපාතයක් දරන මෙම නගරය ඉතා භයානක ගමනාන්තයක් බවය. ඇකපුල්කෝ හි සංචාරය කරන පුද්ගලයින්ට අවට ප්රදේශවල සිදුවන අපරාධ නිසා ඔවුන්ගේ නැවතුම් ස්ථානවලම රැඳී සිටීමට උපදෙස් දෙනු ලැබේ.

Acapulco, Mexico

  1. බැග්ඩෑඩ්, ඉරාකය

බෝම්බ ප්රහාර, වෙඩි තැබීම් සහ අනෙකුත් ප්රචණ්ඩ සිදුවීම් ඉරාකයේ බහුලව දක්නට ලැබේ. වසර ගණනාවක් තිස්සේ ඇමරිකානුවන් සඳහා “සංචාරය නොකරන” ලැයිස්තුවේ මෙම රට දක්වා ඇති අතර බැග්ඩෑඩ් භයානක ස්ථානයක් ලෙස ප්‍රචලිතය. එක්සත් ජනපද හමුදා රටෙන් පිටත් වන විට ඉරාකයේ අනාගතය ඉතාමත් අස්ථාවර තත්වයක පැවතුනේය ය. බැග්ඩෑඩ්හි ත්රස්තවාදය දරුණු ලෙස පැතිරී ඇති නිසා, එය ඉතා වැදගත් හේතුවකින් තොරව මිනිසුන්ට නැරඹිය යුතු ස්ථානයක් නොවේ.

Baghdad, Iraq

  1. ඇෆ්ගනිස්ථානය කාබුල්

මෙය කාලයක් තිස්සේ ලෝකයේ භයානක නගර වලින් එකකි. එක්සත් ජනපද හමුදා ක්රමයෙන් රටෙන් ඉවත් කරන නමුත් එය තවමත් යුද කලාපයක්. බෝම්බ ප්රහාර බොහොමයක් ඇතුලුව ත්රස්තවාදී ප්රහාර එහි  සාමාන්යය. කාබුල් නගරය ඉතා අවිනිශ්චිත අනාගතයකට මුහුන දී ඇති අතර අනාගත අපේක්ෂාව සඳහා ඉතා භයානක ස්ථානයක් විය හැකිය. බැග්ඩෑඩය වගේ, කාබුල් යනු ප්රචණ්ඩත්වය ඕනෑම මොහොතක සිදුවිය හැකි නගරයකි.

Kabul, Afghanistan

  1. පාකිස්තානය, කරච්චි

පකිස්ථානය විශාල දේශපාලනික නොසන්සුන්තාවක් අත්විඳින අතර, ත්රස්තවාදය මෙන්ම ත්රස්තවාද ක්‍රියා පැතිරී පවතී. ඝාතන සිදුවීම් මෙන්ම, මරාගෙන මැරෙන බෝම්බ ප්රහාර සහ යුද්ධ ගැටුම් වාර්තා වෙයි. මෙම ප්රචණ්ඩත්වයේ කේන්ද්රස්ථානයක්  වන කරච්චි නගරය මඟහැරීමට සංචාරකයන්ට උපදෙස් දෙනු ලැබේ.

Asianet-Pakistan / Shutterstock.com

  1. සැන් පේද්රෝ සුලා, හොන්ඩුරාස්

වසර ගණනාවක් තිස්සේ ලෝකයේ ඉතාම ප්රචණ්ඩකාරී නගරයක් ලෙස මෙම නගරය ශ්රේණිගත වී ඇත. බොහෝ මූලාශ්රයන්ට අනුව එය ලොව වැඩිම මරණ අනුපාතයක් ඇති රටක් ලෙස වාර්තා ගත වී ඇත. අවි ජාවාරම විශාල ගැටළුවක් වන අතර නගරය පුරාම නීති විරෝධී ගිනි අවි තිබේ. මෙය සංචාරකයන්ට වැළකී සිටීමට සුදුසු නගරයකි.

San Pedro Sula, Honduras

ඔබේ අදහස මෙතන ලියන්න..