කුඹල් කර්මාන්තය නමින් හදුන්වන මැටි වලන් කර්මාන්තයේදී ලාංකික කාන්තාවගේ දායක්ත්වය අතිශයින් වැදගත්ය. කෘෂිකාර්මික දිවි පෙවෙතකට පුරුදුව සිටි පැරණි ලාංකිකයෝ ස්වයංපෝෂිතව ජීවත් වු බව ඉතිහාසය සාක්කි දරයි. අනුරාධපුර ගම්මාන බිහි වීමේ ක් රියාවලිය අධ්යයනයේදී ඒ ඒ වෘත්තින් පදන්ම් කරගන ගම්මාන බිහි කරගත් බව පෙනී යයි.

“පතහ මුල්ල” ප්රදේශයෙන් සොයා ගත් සෙල්ලිපියක ද “වේගිරිය” දේවාලයෙන් ලැබුනු සෙල් ලිපියකද කුඹල, කුඹකර ලෙසද කුබලුන් හෙවත් වලං නිපදවන්නන් ගැන සදහන් වේ. පැරණි ග්රන්ථ වල ද කුඹල් ගම් හා කුඹල් වීදි ගැන සදහන් වේ. එසේම කුම්බල තිස්ස පබ්බතය, කුම්බල සේල විහාරය වැනි ස්ථාන ආශ්රිතව කුඹල් ගම් පිහිටා තිබෙන්නට ඇති බව විශ්වාස කෙරේ.

කුඹල් කර්මාන්තයේ ප්රධාන උපකරණය ලෙස කුඹල් සක අතීතයේ සිටම යොදාගෙන ඇති අතර මහා වංශයට අනුව කළස, කුම්භ, ඝට, ථාල, පටිග්ගාහ ආදී භාජන රාශියක් ද යොදා ගෙන ඇත.

කුඹල් කර්මාන්තයේ දී පිරිමි පක්ෂය මැටි පදම් කිරීම වැනි කාර්යන් සිදු කරන අතර කාන්තාවන් සක කරකවමින් තම සුසිනිදු දෑතින් සුමටම වලං නිර්මාණය කරීම සිදු කරයි. කුඹල් සක එසේත් නැති නම් සකපෝරුව භාවිතයෙන් පදම් කරන ලද මැටි වලින් මැටි භාජන නිෂ්පාදනය සිදු කිරීම කරනු ලබයි. ඉන් පසු මැටි පෝරණු වල පුළුස්සා ගන්නා මැටි භාජන කාන්තාවන් විසින් පින්තාරු කිරීම සිදු කරයි.

මැටි භාණ්ඩ පින්තාරු කිරීමේදී පැරණි පාරම්පරික මෝස්තර මෙන්ම නව මෝස්තරද යොදා ගනී. පාරම්පරික මෝස්තර යෙදු මැටි භාණ්ඩ වල සංස්කෘතික හා කලාත්මක වටිනාකම වැඩිය. මේවාට විදේශිකයන්ගෙන් ඇත්තේ ඉහළ ඉල්ලුමකි.

වර්තමානයේද කුඹල් කර්මාන්තය සදහා වැඩි දායකත්වයක් ලබා දෙන්නේ ග්රාමීය කාන්තාවන් මගිනි. වර්තමානයේ රතු මැටි බහුල බියගම ප්රදේශයෙන් මේ සදහා මැටි ප්රවහනය කරන අතර ගම්පහ දිස්ත්රික්කයේ හුණු මුල්ල, මිනුවන්ගොඩ, කුරී කොටුව යන ප්රදේශ වල සහ කෑගල්ල දිස්ත්රික්කයේ මොළගොඩ අරණායක අබේපුස්ස යන ප්රදේශ වල ගෘහ කර්මාන්තයක් ලෙස කුඹල් කර්මාන්තය පවත්වාගෙන යයි.

ඔබේ අදහස මෙතන ලියන්න..